වසර 2050 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සම්පුර්ණ විදුලිය ප්‍රමාණය දේශීය පුනර්ජනනීය මුලාශ්‍ර වලින් ලබාගැනීම රජයේ අපේක්ෂාවයි.
මේ සඳහා මූලික පියවරක් ලෙස විදුලි පාරිභෝගිකයන් ද විදුලි නිෂ්පාදකයන් වශයෙන් විදුලි ජනන ක්‍රියාවලියට සම්බන්ධ කර ගනිමින් තම නිවෙස්වල වහල මත ඉදිකෙරෙන කුඩා සූර්ය බලාගාර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් 'සූර්ය බල සංග්‍රාමය' නමින් ක්‍රියාවලියට නංවයි. මේ යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ෂිත අතර, නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එකතු කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා රජය විසින් ගෙවීම් කිරීමටද නියමිතය.
ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුටම, මෙම ව්‍යාපෘතිය යටතේ තම වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත් කල හැකියි. 2020 වසර වන විට 200 MW ක් හා 2025 වසර වන විට 1000 MW ක් ධාරිතාවයෙන් යුතු සූර්ය බල විදුලිය නිපදවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.